ඊශ්‍රායල පොලීසිය සහ පලස්තීනුවන් අතර දරුණු ගැටුම්

අප්‍රේ 15, 2022

    ඊශ්‍රායල පොලීසිය සහ පලස්තීනුවන් අතර දරුණු ගැටුම් හටගෙන තිබේ. ඒ ජෙරුසලමේ ප්‍රධාන ආගමික ස්ථානයක් වන අල් අක්සා මුස්ලිම් පල්ලිය ආසන්නයේ. ගැටුම්වලින් පලස්තීනුවන් 60කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    ශුද්ධ වූ රාමසාන් මාසය තුළ යාඥාවන් සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් පල්ලියට රැස්ව සිට තිබේ. එම අවස්ථාවේ ඊශ්‍රායල් ආරක්ෂක අංශ බලහත්කාරයෙන් එම ස්ථානයට ඇතුලුවූ බවයි වාර්තා වන්නේ.

    කෙසේ වුවද ඊශ්‍රායල් පොලීසිය ප්‍රකාශ කරන්නේ ගැටුමක් ඇතිකිරීම සඳහා එක්රැස්කර තිබූ ගල් ආදාය ඉවත් කිරීමට තමන් අදාළ භූමියට ඇතුලුවූ බවයි.

    පලස්තීනුවන් පොලීසිය වෙත ගල් ප්‍රහාර දියත් කරන වීඩියෝ දර්ශනද මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

    ඔවුන් පාලනය කිරීමට ඊශ්‍රායල් පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

    Last modified on සිකුරාදා, 15 අප්‍රේල් 2022 11:58

    Latest News