බොලිවුඩ් පුරයේ තවත් සුපිරි විවාහ මංගල්‍යයක්

අප්‍රේ 15, 2022

    ඉන්දීය සුපිරි නළු රන්බීර් කපූර් සහ ජනප්‍රිය නිලි ආලියා බාට්ගේ විවාහ මංගලෝත්සවය ඊයේ සිදු කෙරිණ. බොලිවුඩ් සිනමාවේ දැවැන්තම විවාහයක් ලෙස පැවති මෙයට එරට නළු නිලියන් රැසක් සහභාගී විය.

    විවාහ මංගලෝත්සවය පැවැත්වුණේ මුම්බාහියිදී. මේ වන විට සියලු සමාජ මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට මෙය පත්ව තිබේ. බොලිවුඩ් රංගන ශිල්පීන්, ලොව සෙසු රංගන ශිල්පීන් සහ මිලියන සංඛ්‍යාත රසිකයන් රන්බීර් - ආලියා යුවලට සුබපැතුම් පණිවුඩ පළ කරමින් සිටියි.

    රන්බීර් කපූර්, විශිෂ්ට ඉන්දීය නළු රිෂී කපූර්ගේ පුත්‍රයායි. ආලියා බාට් ද බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ මහේෂ් බාට්ගේ දියණිය වෙයි. කපූර් පවුලේ සාමාජිකයන් ඇතුළු බොලිවුඩයේ තරු ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

    Latest News