ප්‍රථම වරට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා කළු ජාතික විනිසුරුවරියක්

අප්‍රේ 08, 2022

    අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා කළු ජාතික විනිසුරුවරියක පත් කිරීමට එරට සෙනට් මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    එරට වසර 233ක ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ කළු ජාතික විනිසුරුවරියක් පත් වන පළමු අවස්ථාව මෙයයි. කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් නැමැති ඇය 51 වියේ පසුවනවා. නව දෙනකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ඇය පත්වීම අමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක්. සෙනෙට් සභාවේ අනුමැතිය හිමි වූයේ ඡන්ද 53 ට 47ක් ලෙසයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට කලු ජාතික කාන්තාවන් පත්කිරීම ජනපති ජෝ බයිඩන්ගේ මැතිවරණ පොරොන්දුවක්. ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම පොරොන්දුව ඉටු කිරීමට තමාට හැකිවූ බවයි. සෙනට් මණ්ඩලයේ ඡන්දය අධීක්ෂණය කරන ලද්දේ එරට උප ජනාධිපති කමලා හැරිස් විසින්.

    Latest News