ජනපති සෙලෙන්ස්කි සාකච්ජාවකට සූදානම්

මාර් 28, 2022

    නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අරමුණින් සාකච්ජා පැවැත්වීමට සූදානම් බව යුක්‍රේනය පවසයි. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, සාම වැඩපිළිවෙළේ කොටසක් ලෙස තමා ඊට සූදානම් බවයි.

    යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එම තීරණය ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවයි. එසේම තුන් වැනි පාර්ශ්වයක් හරහා එය ආරක්ෂා කළ යුතු බවත් ඔහු සඳහන් කර සිටියි.

    යුක්‍රේන - රුසියාව අර්බුදයට මේ වන විට මසකට අධික කාලයක් ගත වී තිබේ. එල්ල වූ ප්‍රහාරවලින් යුක්‍රේනයට මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 63කට අධික අලාභයක් සිදුව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

    යුක්‍රේනයේ නාගරික නිවාස සංකීර්ණ 4,000කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී ගොස් ඇත.

    එසේම කර්මාන්ත ශාලා 92ක්,ගුවන්තොටුපොළ 12ක් හා තවත් යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් රුසියානු ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇතැයි වාර්තා වෙයි.

    Last modified on සදුදා, 28 මාර්තු 2022 12:19

    Latest News