ඔස්කාර් හොඳම නළු‍වාගෙන් ක්‍රිස් රොක්ට අතුල් පහරක් (වීඩියෝ)

මාර් 28, 2022
  • මේ වසරේ පැවති 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ සිදුවීමක් මේ වන විට කාගේත් කතා බහට ලක්ව තිබේ. ඒ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත් වේදිකාවට ගොඩවී, නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට අතුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් හේතුවෙන්.

    විල් ස්මිත් සම්මාන උළෙලට පැමිණ සිටියේ බිරිඳ මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළියක ද වන ජේඩා පින්කෙට් සමගයි. ජේඩා හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඇය හිස බූ ගා සිටියාය.

    එම සම්මාන උළෙලේ නිවේදන කටයුතු කළ ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ එය හාස්‍යයට ලක් කිරීමත් සමග වේදිකාවට පැමිණි විල් ස්මිත්, කිසිවෙකු නොසිතු ලෙස නිවේදක ක්‍රිස් රොක්ට අතුල් පහර එල්ල කරයි. එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරිණ.

    අනතුරුව තම බිරිදගේ නම නොකියන ලෙස ඔහු තර්ජනාත්මක අයුරින් ප්‍රකාශ කර සිටියේය.

    ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දීය. තමන් ‘​ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් ප්‍රසිද්ධියට පත් තර තිබේ.

    මෙරව ඇකඩමි සම්මාන උළෙලේ (Oscars 2022) හොදම නළුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් හිමිකර ගනු ලැබුවීය. ඒ කිං රිචඩ් (King Richard) චිත්‍රපටයේ රිචඩ් විලියම්ස් චරිතය වෙනුවෙන්. සම්මාන උළලේ අතර ඔහු සිය හැසිරීම් ගැන සියලු දෙනාගෙන් එහිදී සමාව අයද සිටියේය.

    ජෙසිකා චස්ටන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ද අයිස් ඔෆ් ටැමී ෆේයි චිත්‍රපටයේ ඇයගේ රඟපෑම වෙනුවෙන්.
    මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කෝඩා චිත්‍රපටයි. ෂෝන් හේඩර් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරියයි.

    හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් ජේන් කැම්පියන් ඇකඩමි සම්මානයට පාත්‍ර විය. ඒ ද පවර් ඔෆ් ඩෝග් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන්.

    හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයට හිමි සම්මානය එන්කැන්ටෝ චිත්‍රපටය විසින් දිනා ගනු ලැබූ අතර එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලැබුවේ බයිරොන් හොවාඩ් හා ජැරඩ් බුෂ් විසින්.

    හොඳම සහාය නළුවාට හිමි සම්මානය ට්‍රෝයි කොට්සර් විසින් දිනාගනු ලැබීය. ඒ කෝඩා චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන්.

    වෙස්ට් සයිඩ් ස්ටෝර් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් අරියානා ඩිබෝස් හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබීය.
    හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ ඩූන් චිත්‍රපටය වෙනුවෙන් ග්‍රෙග් ‍ෆ්‍රැස්ටර්.

    මෙවර හොඳම ගීතයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ බිලී එළීෂ් ජයින්. ඒ නෝ ටයිම්ටු ඩයි ගීතය සඳහායි. හොඳම විදේශ චිත්‍රපටය වෙනුවෙන් ජපානයේ රියුසුකේ හමගුචි අධ්‍යක්ෂණය කළ ඩ්‍රයිව් මයි කාර් චිත්‍රපටය ඔස්කාර් සම්මානයට පාත්‍ර විය.

    image f87ca94c1e

    download

    Last modified on සදුදා, 28 මාර්තු 2022 13:38

    Latest News