යුක්‍රේනයේ සටන්වදින විදේශිකයින්ට අනතුරු අගවයි

මාර් 15, 2022

    යුක්‍රේනයේ සටන්වදින විදෙස් රටවල පුද්ගලයින්ට රුසියාව විසින් අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

    රුසියානු හමුදා පවසන්නේ යුක්‍රේනයේ සටන්වදින විදේශිකයන් සිටින ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවයි. ඉදිරියේ දී ඔවුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සිදුකරන බව රුසියානු හමුදාව පවසයි.

    එසේම, තම රටවැසියන් යුක්‍රේනයේ සටන්වැදීම සඳහා දිරිමත් කරන රජයන් ඔවුන්ගේ මරණවලට වගකිව යුතු බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ සඳහන් කළේය.

    යුක්‍රේනයේ සටන්වදින විදේශිකයන් කෙරෙහි කිසිඳු අනුකම්පාවක් නොදක්වන බවත් රුසියාව සඳහන් කරයි.

    යුක්‍රේනයේ යවෝරොෆ් හි පිහිටි එවැනි හමුදා කඳවුරකට පසුගියදා එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 130 දෙනෙක් තුවාල ලැබීය.

    Last modified on අඟහරුවාදා, 15 මාර්තු 2022 10:43

    Latest News