රුසියා - යුක්‍රේන යුද්ධයේ 20 වැනි දිනයේ නවතම තතු...

මාර් 15, 2022

    රුසියාව, යුක්‍රේනයේ නාගරික ප්‍රදේශ වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබෙනවා.

    රුසියා - යුක්‍රේන යුද්ධය අද 20 වැනි දිනයට එළඹුනා. කියෙව් අගනුවර සහ අනෙකුත් ප්‍රධාන නගර රැසකට දිගින් දිගටම ප්‍රහාර එල්ල වූ බවයි, යුක්‍රේන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. රුසියානු හමුදා, කියෙව් අගනුවර වැටලීමට උත්සහ දරමින් සිටිනවා. දකුණු යුක්‍රේනයේ අවසන් යුක්‍රේන හමුදා බලකොටුව වන ඔඩේසා නගරය අත්පත් කර ගැනීම සඳහා මේ වන විට රුසියානු හමුදා මෙහෙයුම් සිදුකරනවා.

    ගැටුම් බහුල මරියුපෝල් වරාය නගරයෙන් අදත් සාමාන්‍ය වැසියන් ඉවත්ව ගියා. නගරයේ විශාල විනාශයක් සිදුව ඇති බවයි, සාමාන්‍ය වැසියන් ප්‍රකාශ කරන්නේ. මේ අතර, රුසියානු හා යුක්‍රේන රාජ්‍ය නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අද පැවැත්වීමට නියමිතයි. මේ අතර, යුරෝපා සංගමය රුසියාවට එරෙහි සම්බාධක අද තවත් දැඩි කළා.

    Latest News