ඊශ්‍රායලයට දරුණු සයිබර් ප්‍රහාරයක්

මාර් 15, 2022

    ඊශ්‍රායලයට මෙතෙක් එල්ල වූ දරුණුතම සයිබර් ප්‍රහාරය ඊයේ එල්ල විය. එරට අමාත්‍යාංශ කිහිපයක වෙබ් අඩවි සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙබ් අඩවි ද මෙම ප්‍රහාරයට ඉලක්ක වී තිබේ.

    අභ්‍යන්තර කටයුතු, සෞඛ්‍ය, අධිකරණ සහ සුබසාධන යන අමාත්‍යාංශ ඇතුළු තවත් අමාත්‍යාංශ රැසක් ඒ අතර වෙයි. මෙය රාජ්‍ය මට්ටමින් හෝ වෙනත් සංවිධානයක් විසින් සිදු කරන ලද්දක් බවයි, ඊශ්‍රායල බලධාරීන් සැක පළ කරන්නේ.

    සයිබර් ප්‍රහාරය එල්ල වූ සැනින් හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. එමගින්, අනෙකු අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් ‍වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ. 

    Last modified on අඟහරුවාදා, 15 මාර්තු 2022 10:25

    Latest News