ඔස්ට්‍රියාව සියලු වැඩිහිටියන්ට ‍එන්නත අනිවාර්ය කරයි

පෙබ 05, 2022

    සියලුම වැඩිහිටියන්ට 'කොවිඩ්-19' එන්නත අනිවාර්ය කිරීමේ නීතියක් හඳුන්වා දුන් පළමුවැනි යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබේ.

    එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන්ගේ අත්සනින් මෙය නීතිගත කෙරිණ. මෙම එන්නත් නීතිය මාර්තු මස 15 සිට ක්‍රියාත්මකයි.

    එන්නත් නීතිය කඩ කරන පුද්ගලයින්ට යුරෝ 600ක දඩයක් අය කෙරේ. 'කොවිඩ්-19' රෝගීන් සහ ගර්භනී මව්වරුන්ට මෙම නීතිය බල නොපාන බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 05 පෙබරවාරි 2022 10:47

    Latest News