ඉතිහාසයේ පළමු වරට ෆේස්බුක් හි කඩාවැටීමක්

පෙබ 04, 2022

    ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි සක්‍රිය පරිශීලකයන් සංඛ්‍යාව එහි වසර 18 ක ඉතිහාසයේ ප්‍රථම වරට අඩු වී තිබේ.

    පසුගිය දෙසැම්බරයෙන් අවසන් වූ කාර්තුව තුළ සක්‍රිය පරිශීලක සංඛ්‍යාව පෙර කාර්තුවේ පැවති කෝටි 193 සිට කෝටි 192.09 දක්වා පහත වැටී අති බවයි,එහි මව් සමාගම වන මෙටා නෙට්වර්ක්ස් සඳහන් කළේ.

    ටික්ටොක් සහ යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය වෙතින් එල්ල වන තරගය සහ සමාගම් විසින් පළ කරන දැන්වීම් අඩුවීම ද ෆේස්බුක්හි ආදායම් පහත වැටීමට හේතුව බවයි වාර්තා වන්නේ.

    මේ නිසා ෆේස්බුක් මව් සමාගම වන මෙටා හි ඩොලර් බිලියන 200ක කොටස් වෙළඳපොල වත්කම් අහිමි වී තිබේ.

    එමෙන්ම ෆේස්බුක් නිර්මාතෘ 37 හැවිරිදි මාක් සකබර්ග්ගේ වත්කම ද එක්දිනක් තුළ ඩොලර් බිලියන 31කින් පහත වැටී තිබේ.

    ඔහු 2015 වසරෙන් පසු ප්‍රථම වරට ලොව ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ පළමු දස දෙනා අතරින් ඉවතට ගොස් තිබෙන බවද වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 05 පෙබරවාරි 2022 12:04

    Latest News