ඔස්ට්‍රියානු රජයෙන් උපකාරමය මරණයක් සඳහා නීතියෙන් අවසර

ජන 02, 2022

    උපකාරමය මරණයක් සඳහා නීතියෙන් අවසර ලබාදීමට, ඔස්ට්‍රියානු රජය තීරණය කර තිබෙනවා.

    ඒ, මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ ස්ථිරව දුර්වල තත්වයට පත්වූ වැඩිහිටියන් සඳහා. නව නීතිය ඊයේ සිට ක්‍රියාත්මකයි. තම ජීවිතය අවසන් කිරීමට කැමති වැඩිහිටි පිරිසට රෝග විනිශ්චය ඉදිරිපත් කිරීමෙන් පසු, මේ සඳහා අවසර හිමිවෙනවා. මෙමගින් බාලවයස්කාර පුද්ගලයන් සඳහා කිසිදු නීතිමය රැකවරණයක් ලැබෙන්නේ නැහැ. මෙතෙක් පැවති නීතිය අනුව ඔස්ට්‍රියානුවන්ට සිය දිවි නසාගැනීමට හෝ ඒ සඳහා යමෙකු පෙළඹවීමට හා උපකාර කිරීම නීතියෙන් අවසර ලැබුණේ නැහැ. එය දඬුවම් ලැබැය හැකි වරදක් ලෙසයි සැලකුනේ. එහෙත්, මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ ස්ථිරව දුර්වල තත්වයට පත්වූ වැඩිහිටියන් සඳහා උපකාරමය මරණයක් ලබාදීමට එරට අධිකරණයේ අවසර ලැබී තිබුණා. අනතුරුව පසුගිය මාසයේදී එම නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිගත කෙරුණා.

    Latest News