මධ්‍යම ආසියාවේ රටවල් රැසකට විදුලිය නැහැ

ජන 26, 2022

    මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබේ.

    ඒ කිරිගිස්තානය,උස්බෙකිස්තානය හා කසස්තානය යන රටවලයි. රටවල් අතර ගමන් කරන අන්තර් විදුලි හුවමාරු රැහැන් පද්ධතිය විසන්ධි වීමත් සමග විදුලිය බිඳවැටීම ආරම්භ විය.
    මේ හේතුවෙන්, අදාළ රටවල දැවැන්ත මාර්ග තදබදයක් හටගෙන තිබේ. ගුවන් තොටුපොළ ප්‍රමාදයන් හා සෙසු පොදු ප්‍රවාහනවලට ද ඉන් දැඩි බලපෑමක් ඇති වී තිබෙන බවයි, වාර්තා වන්නේ.
    විදුලි විසන්ධි වීම සිදුව ඇත්තේ, අද අලුයම කාලයේදී. ඇතැම් ප්‍රදේශවල තත්වය යථාවත් කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කරයි.

    Latest News