රුසියාව නිපදවූ “ස්පුට්නික් ලයිට්“ ඔමික්‍රෝන් පැරදවීමට සමත්....

ජන 26, 2022

    රුසියාව නිපදවූ ස්පුට්නික් ලයිට් බූස්ටර් එන්නත, ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි සාර්ථක ඵලදායිතාවක් පෙන්නුම් කරන බව හෙළි වී තිබෙනවා.

    ඒ බව තහවුරු වී ඇත්තේ එරට සිදු කළ නවතම විද්‍යාත්මක පර්යේෂණයකින්. ස්පුට්නික්-5 එන්නතෙන් පසු මෙම ස්පුට්නික් ලයිට් එන්නත ලබාගන්නා පුද්ගලයින්ගේ ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි සාර්ථක ප්‍රතිදේහ නිර්මාණය වන බවයි, තහවුරු වී ඇත්තේ.
    රුසියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබෙනවා. නව ආසාදිතයන් 67,809 දෙනෙකු ඊට අයත්. රෝගීන් වැඩිවීමට හේතුව, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය බව, සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

    Latest News