විදුලිය පිය‍වරෙන් පියවර යථා තත්වයට

දෙසැ 09, 2023

    අද පස්වරුවේ දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා. ලංකා විදුලි බල මණ්ඩලයෙ ප්‍රකාශ කළේ, කොත්මලේ සහ බියගම බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සිදු වූ බිඳ වැටීමක් ඊට හේතුව බවයි.

    දිවයිනපුරා විදුලි බිඳ වැටීම සිදු වූයේ, පස්වරු 5.00 ට පමණ. කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන අධි බලැති රැහැන් පද්ධතියක දෝෂයක් හේතුවෙන් බිඳ වැටීම සිදුව ඇති බවටයි, විශ්වාස කෙරෙන්නේ. බොහෝ විට අකුණු සැර වැදීම ඊට ‍හේතුව විය හැකි බවට සැක කෙරෙනවා. මේ වන විටත්,‍ බොහෝ ප්‍රදේශ වෙත යළි විදුලිය ලැබී ඇති අතර, පිය‍වරෙන් පියවර සමස්ත පද්ධතිය යථා තත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව, විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

    Latest News