විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයි

ජූනි 27, 2023

    යෝජිත විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව අද පෙරවරු 9.00 සිට මධහ්න 12.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේ.

    එළඹෙන ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතියි.

    Latest News