හදිසි ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. සිය ධුර කාලය තුල සිදුවූ අතපසුවීම්වලට සමාව අයද සිටින බව පවසන ඔහු ඉරාන ජනතාවට සහ බලධාරීන්ට ස්තූතිය පළකර තිබේ. ධුරයෙන් ඉවත්වීමේ හේතුවක් ඔහු සඳහන් කර නැහැ.
59 හැවිරිදි විදේශ අමාත්‍යවරයා මීට පෙර එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. ඔහු විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ, 2013 වසරේ සිටයි. සාරිෆ් මහතා 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සාර්ථකකර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යයක් ඉටු කරනු ලැබීය.