ඉන්දියාව - පකිස්තානය යළි ඇවිලෙන ලකුණු

පෙබ 27, 2019

    ඉන්දියාව සිදු කළ ගුවන් ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්වන බව, පකිස්තාන රජය පවසයි.

    පකිස්තාන ජනාධිපතිවරයා අනතුරු අඟවමින් කියා සිටියේ කලාපයේ කිසිවෙකුට තම රටට හානි සිදු කළ නොහැකි බවයි. පකිස්තාන දේශසීමාවේ පුහුණු කඳවුරකට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගිය බව ඉන්දියාව පවසයි. එහි දී ත්‍රස්තවාදීන් 300කට අධික පිරිසක් මිය යන්නට ඇතැයි ඉන්දීය විදේශ ලේකම් විජය කේෂව් ගෝක්ලේ පවසයි. සිය දේශසීමාව උල්ලංඝණය කරමින් ඉන්දියාව එල්ල කරනු ලැබූ ප්‍රහාරයට පිළිතුරු ලෙස පකිස්තානය මේ වන විට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවයි, වාර්තා වන්නේ.

    පසුගියදා කාශ්මීරයේ දී එල්ල කිරීම ආරම්භ කර ඇති බවයි, වාර්තා වන්නේ. පසුගියදා කාශ්මීරයේ දී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මරුමුවට පත් විය. ප්‍රහාරයේ වගකීම බාර ගත්තේ ජයිෂ්ඊ. මොහොමඩ් ත්‍රස්ත කල්ලියයි. ඇතිවී තිබෙන උණුසුම් තත්වය හේතුවෙන් දේශසීමාවේ කිලෝ මීටර 5ක වපසරිය තුළ පිහිටි සියලුම පාසල් අද දිනයේ වසා තැබීමටත්, විභාග කල් දැමීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

     

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 10:08

    Latest News