ගුවන්යානය පැහැරගැනීමේ උත්සාහය වරදී

පෙබ 25, 2019

    බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කෙරිණ.

    ඒ බංග්ලාදේශ විශේෂ බලකාය විසින්. යානය, බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ඩුබායි බලා පියාසර කරමින් තිබිණ. එහි දී සැකකරු පිස්තෝලයක් උපයෝගී කර ගනිමින් යානය පැහැර ගැනීමට උත්සහ කර තිබේ. එවිට යානය හදිසියේ චිතගොන්ග් ගුවන් තොටුපොළට ගොඩබෑවක් සිදු කරනු ලැබූ අතර එහි දී ක්ෂණිකව යානයට කඩා වැදුණු බංගලාදේශ විශේෂ බලකායේ සෙබළුන්, සැකකරුට වෙඩි තබනු ලැබීය.

    බංග්ලාදේශ හමුදාව පවසන්නේ, යටත්වීම සඳහා ඔහුට කළ නියෝග නොසළකා හැරීම නිසා ඔහුට වෙඩි තැබීමට සිදුවූ බවයි. එම අවස්ථාව වන විට යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 148 දෙනෙක් ගමන් කරමින් සිටියේය. මෙය, බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවයට අයත් යානයක්. ඔහු යානය පැහැර ගැනීමට උත්සහ කළේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් වාර්තා වී නැහැ.

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 09:37

    Latest News