ඉදිරි වසරේ චීනයේ වගා බිම් ප්‍රමාණය ප්‍රකාශ කෙරේ

දෙසැ 31, 2021

    පසුගියදා නිමා වූ චීනයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ මධ්‍යම රැස්වීමේ දී ඉදිරි වසරේ කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ හා ගොවීන් සම්බන්ධ සැලසුම් ඉදිරිපත් කර තිබේ.

    වගා බිම් ප්‍රමාණය මූලික වශයෙන් වෙන් කොට, බීජ කර්මාන්තය ශක්තිමත් කරමින්, ස්වාභාවික විපත්වලට ඔරොත්තු දෙන උසස් ප්‍රමිතිගත ගොවි බිම් සංවර්ධනයට කටයුතු කරන බව එම රැස්වීමට එක් වූ චීන ග්‍රාමීය ප්‍රදේශ හා කෘෂිකර්ම ඇමති ටං රෙන්ජියන් මහතා පැවසීය.

    වසර 2021 චීනයේ ආහාර නිෂ්පාදන ප්‍රමාණය ටොන් කෝටි 68ක් වන අතර එය ඉකුත් වසරට වඩා සියයට 2ක වැඩිවීමකි. ලබන වසරේදීත් චීනය ගොවි ජනතාවගේ ආදායම ඉහළ නංවාලීමෙහි ද ඔවුන්ගේ ප්‍රතිලාභ තහවුරු කිරීමෙහි ද නිරත වනු ඇත. 2021 වසරේ චීන ගොවි ජනතාවගේ සාමාන්‍ය ඒක පුද්ගල වාර්ෂික ආදායම යුවාන් 18 දහසකි.

    Latest News