සියලු අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යයි

අගෝ 31, 2021

    දශක දෙකක යුද්ධය නිමා කරමින් අමෙරිකාව අද අලුයම ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම පිටව ගොස් තිබේ.

    මේ අනූව ඇෆ්ගනිස්තානයේ මේ වන විට කිසිඳු අමෙරිකානු හමුදා හෝ රාජතාන්ත්‍රිකයෙක් නොමැති බවයි වාර්තා වන්නේ.

    අමෙරිකානු හමුදාවට අයත් සී 17 වර්ගයේ ගුවන් යානයක් අද අලුයම පිටව ගියේ ඇෆ්ගන් යුද්ධයේ අවසානය සනිටුහන් කරමින්. අමෙරිකානු හමුදා මැරීන් ජෙනරල් ෆ්‍රෑන්ස් මැකොන්සි මේ බව නිල වශයෙන් නිවේදනය කර සිටියේය.
    ඔහු සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියේ දී බොහෝ සිත් රිදවීම් තිබෙන බවයි.

    තම හමුදාවන්ට අවශ්‍ය සියලු දෙනා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනිමට අපොහොසත් වූ බවත් ඔහු සඳහනර කර සිටියි.
    අවසන් අමෙරිකානු ගුවන් යානය පිටවූ වහාම තලෙයිබාන්වරු අහසට වෙඩි තබමින් සිය සතුට ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 31 අගෝස්තු 2021 12:22

    Latest News