කාබුල් ගුවන් තොටුපලට එල්ල වූ ප්‍රහාර අමෙරිකානු හමුදාව වළක්වයි...

අගෝ 30, 2021

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපල වෙත අද උදේ එල්ල වූ ප්‍රහාර කිහිපයක් එළක්වා ගැනීමට අමෙරිකානු මිලයිල ආරක්‍ෂක පද්ධතියට හැකියාව ලැබී ඇත.

    එරටින් අමෙරිකානු භට පිරිස් හා විදේශගත වීමට අපේක්‍ෂාවෙන් සිටින සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම අවසන් වීමට දිනකට පෙර මෙම ප්‍රහාර එල්ල වී ඇත. ඇෆ්ගනිස්ථානයේ හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ල කෙරුණු රොකට් ප්‍රහාරවලට අදාළ තොරතුරු, බුද්ධි අංශ වෙත ලැබීමෙන් අනතුරුවයි ප්‍රහාර වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ. අමෙරිකානු භට පිරිස් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කාබුල් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටින බවට වාර්තා වේ.

    ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ, ඉවත් කර ගැනීමේ මෙහෙයුම් හෙටින් අවසන් වීමට නියමිත බවයි. ඒ අනුව,  ඇෆ්ගනිස්ථානය සමග දශක දෙකක කාලයක් පුරා පැවති ගැටුම්වල අමෙරිකානු මැදිහත්වීමේ අවසානය ලඟාවනු ඇති.  එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ, තලේබාන් සංවිධානයට එරෙහිව සිදුකරණ ප්‍රහාර නොනවත්වන බවයි. මේ වන විට, සිවිල් වැසියන් හා විදෙස් ජාතිකයින් 114,000 ක් පමණ ඉවත් කර ගැනීමට අමෙරිකාව පියවර ගෙන තිබෙන අතර කාබුල් ගුවන් තොටුපොළ ඉලක්ක කොට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ද ඊයේ ඉල්ලවී ඇත.

    ඩෝන ප්‍රහාර කිහිපයක් ද එල්ල කෙරුණු අතර ඉන් බෝම්බකරු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවට විශ්වාස කෙරේ. මේ අතර කාබුල් අගනුවර පිහිටි බැංකු හා මූල්‍ය ආයතන අසළ මුදල් ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් බොහෝ පුද්ගලයන් එක්රැස් වී ඇති අයුරු දක්නට ලැබේ. ඊට හේතුව වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ආර්ථික හා මූල්‍ය කටයුතු දැඩි අර්බුදකාරී තත්වයකට පත්වීමයි. විදෙස් ආධාර ද අත්හිටුවා ඇති අතර, සෞඛ්‍ය පද්ධතියටද බරපතල පීඩනයක් එල්ලී ඇත.

    Latest News