'අයි එස් - කේ' ත්‍රස්තවාදීන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්

අගෝ 28, 2021

    අමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් අයි එස් - කේ ත්‍රස්තවාදීන් රැඳී සිටින නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබේ. අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ,ප්‍රහාරවලින් එම සංවිධානයේ ප්‍රධාන සැලසුම්කරුවෙක් මියගිය බවයි.

    කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදුවු මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ.

    ගුවන් මගින් රැගෙන යන ජනතාවට ආරක්ෂාව සලසමින් සිටි අමෙරිකානු සෙබලුන් 13 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය හෙළා දකිමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ අනතුරු ඇඟවීමෙන් පසුවයි ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

    අමෙරිකානු හමුදාව පවසන්නේ ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට හානියක් සිදු නොවූ බවයි.

    අයි අස් ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ. බ්‍රිතාන්‍ය හමුදාව ක්‍රියාත්මක කළ මුදා ගැනීමේ මෙහෙයුම් සාර්ථකව නිම කිරීමට හැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 11:29

    Latest News