ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 45න් ලක්‍ෂයකට ආසන්නයි

අගෝ 28, 2021

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 45න් ලක්‍ෂයකට ආසන්න වී තිබේ.

    කොරෝනා නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා වාර්තාවන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව දස දහසකට අධිකයි. ගෝලීය දෛනික ආසාදිතයන් සංඛ්‍යාව හත් ලක්‍ෂ 11ස් දහස ඉක්මවන බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයන් වැඩිවීමේ වර්ධනයක් ද පෙන්නුම් කරයි.

    පසුගිය මාස කිහිපයේ දෛනික ආසාදිතයන් 20,000කට පමණ අඩුවී තිබූ අමෙරිකාවෙන් යළිත් ලක්‍ෂය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තාවේ. ඊයේ පමණක් එක් ලක්‍ෂ 90,000කට අධික ආසාදිතයන් පිරිසක් එරටින් හමුවී තිබේ. අමෙරිකාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව තිස් කෝටි අනූපන් ලක්‍ෂ 40,000 ඉක්මවයි.

    එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව හය ලක්‍ෂ 53,000කට අධිකයි.

    Latest News