ගෝලීය කොවිඩ් ආසාදිතයින් 20 කෝටියට ආසන්නයි

ජූලි 31, 2021

    ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසි කෝටියට ආසන්න බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය සති 4 තුළදී ගෝලීය වශයෙන් ආසාදිතයන් වාර්තා වීම සියයට 80කින් ඉහළ ගොස් ඇති බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ඇඩ්නම් ග්‍රේබියාසස් කියා සිටියේ, ගෝලීය ආසාදිතයන් ඉහළ යාම සඳහා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

    තවමත් රටවල් 132ක් තුළ මෙම වසංගත තත්වය පවතියි. ගෝලීය වශයෙන් තවමත් අවදානම පහව ගොස් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 11:16

    Latest News