කොවිඩ් මර්දන 4 වැනි මාත්‍රාව ලබාදීම අද ඇරඹේ

මැයි 09, 2022

    කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව (බූස්ටර් දෙවැනි මාත්‍රාව) ලබාදීම අද සිට ආරම්භ කෙරේ.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, පළමු බූස්ටර් මාත්‍රාව ලබාගෙන මාස 03 ක කාලයක් සම්පූර්ණ වී ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සිව්වන මාත්‍රාව ලබාගත හැකි බවයි.

    එමෙන්ම, වයස අවුරුදු 20ට වැඩි, තෙවැනි මාත්‍රාව ලබාගෙන මාස 03ක් සම්පූර්ණ වී ඇති පුද්ගලයින්ට ද අද සිට සිව්වන මාත්‍රාව ලබාගැනීමට හැකියාව පවතියි.

    Latest News