ඇෆ්ගනිස්ථානයේ ජල ගැලීම්වලින් 60 ක් මරුට

ජූලි 30, 2021

    නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ ඇතිවූ හදිසි ජල ගැලීම්වලින් 60 දෙනකු පමණ මිය ගොස් තිබෙනවා.

    මේ දිනවල එරටට බලපා ඇති අධික වර්ෂාව ඊට හේතුවයි. නිවාස ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර 20 දෙනෙකු පමණ ඊට යට වී ඇතැයි අනුමාන කෙරෙනවා. ජලයෙන් යට වී ඇත්තේ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනයට නතුව ඇති ප්‍රදේශ වන අතර ඔවුන් පවසන්නේ එකසිය පනහකට වැඩි පිරිසක් මිය යන්නට ඇති බවයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙවැනිම ජල ගැලීම් තත්වයක් හට ගැනුණු අතර, ඉන් 160 දෙනෙකු මියගොස් තිබෙනවා.

    Latest News