ලෝකය උණුසුම්ම දශකය වෙත

පෙබ 07, 2019

    ලොව උෂ්ණත්වය අධිකම දශකය කරා ලෝකය ගමන් කරමින් සිටින බව, කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරයි.

    අනිසි මානව ක්‍රියාකාරකම් ඒ සඳහා හේතුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.  වර්ෂය 1850න් පසුව ලෝකය උණුසුම් වසර 10ක කාල සීමාවේ මධ්‍ය පසුකරමින් සිටින බව, වාර්තා වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණික දත්ත පෙන්වා දෙයි.

    ඒ අනූව ඉදිරි වසර 5ක කාලය තුළ දී කාර්මික විප්ලවයට පෙර පැවති තත්වයට වඩා සෑම වසරකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ යා හැකි බවට, පුරෝකථනය කෙරේ. මේ පුරෝකථනය නිවැරදි වුවහොත් වසර 150ක කාලගුණික දත්ත අනූව උණුසුම් වසර 10 බවට 2014 සිට 2024 දක්වා කාලය පත්වනු ඇති.

     

    Latest News