ඊශ්‍රායලයේ තෙරපීමකින් 40කට වැඩි පිරිසක් මිය යයි

අප්‍රේ 30, 2021

    ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් හතළිස් දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන්ගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්. මියගිය පිරිස පිළිබඳව බලධාරීන් මෙතෙක් නිල වාර්තා ඉදිරිපත් කර නැති බව වාර්තාවේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එරට පැවැති විශාලතම උත්සවය මෙයයි. වෛරසය පැතිර යාම පිළිබඳව අනතුරු ඇඟවීම් නොසලකා දසදහස් ගණනක් මෙම ආගමික උත්සවයට සහභාගි වී තිබේ.

    කඳු ගැටයක් මත පිහිටි මෙම පූජනීය ස්ථානයේ කිසියම් ඉදිකිරීමක් කඩා වැටීමෙන් මෙම තදබදය ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. තවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ බෝම්බයක් පිළිබඳ කෙරුණු අනතුරු ඇඟවීමකින් පසු පිරිස් කලබලයට පත්වූ බවයි.

    කොරෝනා වයිරසය හේතුවෙන් ඉකුත් වසරේ මෙම උත්සවය පැවැත්වීම තහනම් කර තිබුණා. ඊශ්‍රායලය වේගවත් කොරෝනා මර්දන එන්නත්කරන ක්‍රියාවලිය නිසා මෙවර එම යුදෙව් ආගමික උත්සවය පැවැත්වීමට එරට රජය අවසර තිබෙනවා.

    Latest News