අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි නාවිකයින් 53 දෙනා මියගොස් ඇති බවට අනුමාන කෙරේ.

අප්‍රේ 25, 2021

    ඉන්දුනිසියාවේ බාලි වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී පසුගියදා අතුරුදන් වූ සබ්මැරීනයේ සිටි නාවිකයින් 53 දෙනා මියගොස් ඇති බවට අනුමාන කරන බව එරට බලධාරින් පවසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ, සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් කිහිපයක් හමුවී ඇති බවයි. කේ.ආර්.අයි. නන්ගලා 402 නමැති ජර්මනියේ නිෂ්පාදිත වසර 40කට වඩා පැරණි ඩීසල් බලයෙන් ක්‍රියාත්මක මෙම සබ්මැරීනය බාලි මුහුදු තීරය ආසන්නයේ දී අතුරුදන් වූයේ ඉකුත් බදාදා.

    ඒ සබ්මැරීනය නාවික අභ්‍යාසයකට සම්බන්ධ වී යළි ගොඩබිම වෙත පැමිණෙමින් සිටියදී. යාත්‍රාවේ ඉන්ධන කාන්දුවක සලකුණු සොයා ගැනීමෙන්, එහි ඉන්ධන ටැංකියට සිදුවු හානියක් හේතුවෙන් සබ්මැරිනය අනතුරට ලක්ව ගිලෙන්නට ඇති බව සැක කරයි.

    සබ්මැරීනයේ පැවති ඔක්සිජන් මේ වනවිට අවසන්ව ඇති බවට අනුමාන කෙරේ. ඒ අනුව, එහි සිටි නාවිකයන් සියලු දෙනා මියගොස් ඇති බවට ඉන්දුනිසියානු බලධාරින් සැක පළ කරයි. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සබ්මැරීනයේ සිටි කාර්ය මණ්ඩල නාවිකයින්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කර ඇති බවයි.

    Latest News