"එවර් ගිවන්" නෞකාව ඉවත් කිරීමට ගත් උත්සාහය අසාර්ථකයි

මාර් 28, 2021

    සූවස් ඇළ අන්තර්ජාතික නෞකා ප්‍රවාහන මාර්ගයේ සිරවුණු "එවර් ගිවන්" නෞකාව ඉවත් කිරීමට ගත් උත්සාහය ඊයේ අසාර්ථක වී තිබේ.

    වඩදිය උපයෝගි කර ගනිමින් නෞකාව පාවීමට සලස්වා මාර්ගය විවෘත කිරීමට මෙහෙයුම්කරුවන් උත්සාහ ගනී. සුවස් ඇළ මාර්ගයේ ගමන් කරමින් තිබූ "එවර් ගිවන්" නෞකාව පසුගිය අඟහරුවාදා එහි සිරවිය. සුළං හා වැලි කුණාටු හේතුවෙන් නෞකාව ගමන්ගත් මාර්ගය වෙනස් වී ඇළ දෙපස ඉවුරු යා කරමින් නෞකාව අවහිර වූ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ගෝලීය භාණ්ඩ ප්‍රවාහන ජාලයට ඉන් විශාල බලපෑමක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් නෞකාව ඉක්මණින් ඉවත්කර ගැනීමට අදාළ අංශ තීරණය කළේය. ඉංජිනේරු අංශ බලාපොරොත්තු වූයේ වඩදිය තත්වය උපයෝගි කර ගනිමින් නෞකාව ඇළ මාර්ගයෙන් ඉවතට ගැනීමටයි.

    එහෙත්, ඊයේ එම මෙහෙයුම මුළුමණින්ම අසාර්ථක විය. අද රාත්‍රී යළි නෞකාව ඉවතට ගැනීමට උත්සාහ කරන බව බලධාරීන් පවසයි.

    Last modified on සදුදා, 29 මාර්තු 2021 09:29

    Latest News