ඉන්දුනීසියාවේ මරාගෙන-මැරෙන බෝම්බ ප්‍රහාරයක්....

මාර් 28, 2021

    ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    ප්‍රහාරයෙන් පුද්ගලයන් දස දෙනෙකුට‍ වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ. ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ පිහිටි දේවස්ථානයක් අසළ බෝම්බ ප්‍රහාරය සිදුව ඇත. දේවස්ථානයට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී බෝම්බය පුපුරුවා හැර ඇති බැවින් බැතිමතුන්ට එතරම් හානියක් සිදුව නැතැයි වාර්තා වේ.

    බෝම්බකරු, දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂාවට ලක්කරනු ලැබීය. එම අවස්ථාවේදී බෝම්බකරු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Latest News