සුවස් ඇලේ සිරවූ 'එවර් ගිවන්' නෞකාව මුදා ගැනේ

මාර් 29, 2021

    සූවස් ඇල අන්තර් ජාතික මුහුදු මාර්ගයේ සිරවී තිබූ එවර් ගිවන් නෞකාව ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථක වී තිබේ.

    එවර් ගිවන් සමාගමට අයත් මෙම නෞකාව,පසුගිය අඟහරුවාදා සූවස් ඇල මාර්ගයේ ගමන් කරමින් තිබිය දී ඇල අවහිර වන පරිදි සිර විය.

    නෞකාව සිර වූ ප්‍රදේශයේ තිබූ වැලි තට්ටු ඉවත් කිරීමට පියවර ගැනිණ. ඒ පසුගිය සෙනුරාදා සිට අද දක්වා කෙරුණු මෙහෙයුමකින්.

    එමෙන්ම,වඩදිය තත්වය උපයෝගී කර ගනිමින් නෞකාව තල්ලු කිරීමට ගත් උත්සහය ද ව්‍යර්ථ විය. වැලි තට්ටු ඉවත් කිරීම නොකඩවා සිදු කෙරුණු අතර අද දිනයේ දී නැව පාවෙන තත්වයට ගෙන ඒමට මුදා ගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබිණ.

    ඒ අනූව, නැව ඉවත් කිරීමට හැකිවෙතැයි විශ්වාස කෙරේ. ටග් යාත්‍රා උපයෝගී කර ගනිමින් නෞකාව දියත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව විදෙස් වාර්තාවල සඳහන්.

    තව දින දෙකකින් පමණ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ නැව් ගමනාගමනයට පහසුකම් සැලසීමට හැකි වනු ඇති බවයි, සූවස් ඇල පාලන අධිකාරිය පවසන්නේ.

    Latest News