'එවර් ගිවන්' කාර්යමණ්ඩලයට එරෙහිව නීතිමය පියවර

මාර් 30, 2021

    සූවස් ඇලේ සිරවූ කන්ටේනර් ප්‍රවාහන එවර් ගිවන් නෞකාවේ සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාර්තු 23 වැනිදා සූවස් ඇල හරස් කරමින් සිර වූ මෙම නෞකාව නිදහස් කරගනු ලැබුවේ,දින 6කට පසුවයි.

    දැනට ලැබී ඇති වාර්තාවලට අනූව,නැවේ කපිතාන්වරයා සහ තවත් වගකිවයුතු බලධාරීන් කිහිප දෙනෙක් හට යළි නාවුක කටයුතුවල යෙදීමේ තහනම් නියෝග නිකුත් කරනු ඇති බවයි,වාර්තා වන්නේ.

    පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් නිවාස අඩස්සියේ තැබීමේ අවදානමක් ද තිබෙන බවයි, ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ.

    අනතුරුට පත් වන අවස්ථාව වන විට නෞකාව සූවස් ඇලේ ගමන් කිරීමට නියමිත වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

    නෞකාව සිරවීම හේතුවෙන් නාවුක ක්ෂේත්‍රයේ සිදුවූ අලාභය දිනකට අමෙරිකානු ඩොලර් බිලියන නවයකට අධික බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටින ඉන්දීය ජාතිකයින් 25 දෙනාට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි සඳහන් වන්නේ.

    Last modified on අඟහරුවාදා, 30 මාර්තු 2021 10:38

    Latest News