බංගලාදේශයේ සරණාගත කඳවුරක ගින්නකින් 15ක් මරුට

මාර් 24, 2021

    බංගලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇති වූ දැවැන්ත ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් ඇත. තවත් 400ක පිරිසක් ඇතුරුදන් බවයි,එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනය කරන්නේ.

    ගින්න සම්බන්ධයෙන් පසු විපරම් වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ,ඉන් තවත් 550කට අධික සංඛ්‍යාවක් බරපතල තුවාල ලබා 50,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි.

    ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයින් දස දහසකට අධික පිරිසකට නිවාස අහිමි වී ඇති බව ද වාර්තා වෙයි. ඉකුත් සඳුදා ගින්න හට ගත්තේ,2017 වසරේ දී මියන්මාරයෙන් පළා ආ මිලියනයක පමණ සරණාගතයින් රැඳී සිටි කඳවුරු සමූහයකයි.

    ගින්න පාලනය කර තිබුණ ද ඇතැම් ස්ථානවල තවමත් අධික දුමාරයක් පැතිර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 24 මාර්තු 2021 09:23

    Latest News