ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් බ්‍රසීලයෙන්

මාර් 24, 2021

    අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දොළොස්කෝටි 47 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 27 ලක්ෂයකට අධිකයි.

    ඉකුත් පැය 24 තුළ බ්‍රසීලයේ කො‍රෝනා මරණ 3,158ක වාර්තාගත සංඛ්‍යාවක් සිදුවිය.

    බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 98,000 ඉක්මවා ගිහින්. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ද බ්‍රසීලයෙන්.

    එම සංඛ්‍යාව 84,996ක්. ලොව අනෙකුත් රටවල පෙර පැවති තත්වයට වඩා කොරෝනා වෛරසය ව්‍යාප්තිය අඩු වීමක් පෙන්නුම් කළ ද බ්‍රසීලයේ එය තවදුරටත් ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කිරීම කැපී පෙනෙයි.

    එන්නත්කරණ ක්‍රියාවලියේ දුර්වලතා සහ බලධාරීන්ගේ නොසැලකිලිමත් බව මීට හේතු වී ඇත.

    මේ වන විට එරට සෞඛ්‍ය පද්ධතිය ද බිද වැටී ඇති අතර දැඩි සත්කාර ඒකක ඇතුළු රටේ රෝහල් බහුතරයක් ධාරිතාව ඉක්මවා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 24 මාර්තු 2021 09:24

    Latest News