චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ජා උණුසුම්....

මාර් 19, 2021

    අමෙරිකාවේ ඇලස්කා ප්‍රදේශයේ පැවැත්වෙන චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ජා බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගත්තේය.

    ඒ, දෙපාර්ශ්වයේ නිලධාරින් ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර එල්ල කරගැනීම හේතුවෙන්. ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය ද චීනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් අනුගමනය කිරීමට සූදානම් වන ලකුණු දක්නට ලැබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, වෙළෙඳ සාකච්ජා ඇරඹීමට පෙර චීනයට අනතුරු අඟවා තිබේ.

    චීනයේ පිළිගත නොහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝකය දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි සාකච්ජා අරඹමින්, රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේය. ඊට පිළිතුරු දුන් චීන පාර්ශ්වය සඳහන් කලේ, අමෙරිකාව තමන්ගේ හමුදා බලය සහ මුදල් බලය යොදා ගනිමින් රටවලට තර්ජන කරන බවයි.

    දෙරට අතර වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා පැවති සාකච්ජාව මතභේද මධ්‍යයේ අවසන් විය.

    Latest News