ගතවූ පැය 24ට වැඩිම කොවිඩ් මරණ බ්‍රසීලයෙන්

මාර් 17, 2021

    අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දොළොස්කෝටි දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 26 ලක්ෂ 82,000කට අධිකයි.

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් හඳුනාගෙන තිබේ. එම සංඛ්‍යාව 84,124ක්. එම කාලසීමාව තුළ එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2798ක් ලෙසයි,වාර්තා වන්නේ. එය ඉකුත් පැය 24 තුළ එක් රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

    මේ අතර වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග බ්‍රසීලයේ සාවෝපෝලෝ හි ප්‍රධාන සෞඛ්‍ය විශේෂඥයා එරට නව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ජාතික අගුලු දැමීමක් පනවන ලෙස ඉල්ලා සිටියි.

    වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට බ්‍රසීලයේ සිව්වැනි සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මාර්සෙලෝ ක්විරෝගා අද පත්වෙයි.

    කෙසේවුවද,වෛරසය පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගත් රාජ්‍ය නායකයන් අතර බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ ඉදිරියෙන්ම පසුවන බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 17 මාර්තු 2021 09:39

    Latest News