නයිජීරියාවේ වෙඩි තැබීමකින් වැසියන් 58ක් මරුට

මාර් 17, 2021

    නයිජීරියාවේ සිදුවු වෙඩි තැබීමකින් සිවිල් වැසියන් 58 දෙනෙක් මියගොස් තිබේ. වෙඩි ප්‍රහාරය සිදුව ඇත්තේ මාලි දේශසීමාවට ආසන්න නගරයකදී.

    මේ හේතුවෙන් අද සිට එරට දින තුනක ශෝක කාලයක් රජය ප්‍රකාශයට පත්කර තිබේ. ටිලබරි කලාපයේ වෙළෙඳපොළක සිට මිනිසුන් ප්‍රවාහනය කරමින් සිටි වාහන 4කට මෙලෙස නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තබා තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු ත්‍රස්ත සංවිධානයක් බාරගෙන නොමැත.

    කෙසේ වුවද, මේ වන විට නයිජර් රාජ්‍යය තුළ ජිහාඩ් සටන්කාමී කල්ලි දෙකක් ක්‍රියාත්මක වෙයි.

    ඒ හේතුවෙන්, පසුගිය කාලය පුරා නිරන්තරයෙන් මෙවැනි වෙඩි තැබීමේ සිද්ධි එරටින් වාර්තා වෙයි.

    මේ හේතුවෙන් රටේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට එරට තේරීපත් නව ජනාධිපති මොහොමඩ් බසූම් සැලසුම් කර ඇති අතර, ජනතාවට ද නිරන්තර අවධානයෙන් පසුවන ලෙසයි, රජය ඉල්ලා සිටින්නේ.

    Last modified on බදාදා, 17 මාර්තු 2021 09:44

    Latest News