අමෙරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසරකින් පහළට

පෙබ 19, 2021

    අමෙරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී පමණක් වසරකින් පහළ බැස ඇති බව වාර්තා පෙන්වා දෙයි. කොරෝනා වෛරසය ඊට හේතුව බවයි, විශේෂඥයින් පවසන්නේ.

    අමෙරිකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී පමණක් වසරකින් පහළ බැස ඇති බව වාර්තා පෙන්වා දෙයි. කොරෝනා වෛරසය ඊට හේතුව බවයි, විශේෂඥයින් පවසන්නේ. අමෙරිකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 78යි මාස 8ක්.

    නමුත්, කොරෝනා වෛරස තත්වය හමුවේ එය වසර 77යි මාස 8 දක්වා පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ. මෙය දැඩි පසුබෑමක් බව විශේෂඥයින් පවසයි.

    මෙවැනි පසුබෑමක් මීට පෙර සිදුව ඇත්තේ දෙවැනි ලෝක යුද සමයේ බව අමෙරිකාවේ රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානි වෛද්‍ය රොබට් ඇන්ඩසන් පෙන්වා දෙයි.

    කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ හාරලක්ෂ අනූ දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    Last modified on සිකුරාදා, 19 පෙබරවාරි 2021 12:16

    Latest News