ඉරාකයේ නේටෝ භටයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අනුමැතිය

පෙබ 19, 2021

    නේටෝ සංවිධානයේ ආරක්ෂක ඇමතිවරුන්ගේ රැස්වීම වීඩියෝ ආකාරයෙන් දින 2ක් පුරා පැවැත්වේ.

    ඉරාක ආරක්ෂක හමුදාවේ පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා ඉරාකයේ නේටෝ භටයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට නේටෝ සංවිධානයේ විවිධ රටවල ආරක්ෂක ඇමතිවරුන් මෙම රැස්වීමේදී තීරණය කර ඇතැයි එම සංවිධානයේ මහලේකම් Jens Stoltenberg මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් නේටෝ සංවිධානය තුළ තවමත් සුවිශාල මතභේද පවතී.

    ඒ පිළිබඳව මෙම රැස්වීමේදී එකඟතාවකට එළඹීමට නොහැකි විය.

    Latest News