වේල්ල කැඩී අතුරුන්වූවන් සෙවීම යළි ඇරඹේ

ජන 28, 2019

    බ්‍රසීලයේ වේල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූන් සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ.

    ඒ අසළ ඇති තවත් වේල්ලක් බිඳී යාමේ අවදානමක් හේතුවෙන් සෙවීමේ කටයුතු ඊයේ තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. පසුගිය සිකුරාදා බ්‍රසීලයේ යකඩ පතලක වේලක බිඳීයාම නිසා, 37 දෙනෙකු මියගොස් 300කට ආසන්න පිරිසක් අතුරුදන් විය.

    අනතුරට පත්වුවන් බේරා ගැනීමේ මෙහෙයුම්, අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර 50 දෙනෙකු පමණ බේරා ගැනීමට ද හැකිවිය. එහෙත්, හදිසියේ මෙහෙයුම් ඊයේ නතර කර දැමුණේ, ඒ අසළ ඇති තවත් වේල්ලක් බිඳී යාමේ අවදානමක් පිළිබඳ සැකයක් හේතුවෙන්. ප්‍රදේශයේ 3,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණ. අවදානමකට ලක්ව ඇති වේල්ල ද අයත් වුණේ බ්‍රසීලයේ විශාලතම කැණීම් සමාගමකටයි.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 09:06

    Latest News