චීනයේ කැනඩා තානාපති සේවයෙන් පහකරයි

ජන 27, 2019

    චීනයේ කැනඩා තානාපතිවරයා සේවයෙන් පහ කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින්.

    නිවේදනයක් නිකුත් කරමින් කැනඩා අගමැති සඳහන් කර ඇත්තේ, චීනයේ කැනඩා තානාපතිවරයාට ධුරයෙන් ඉවත් වන මෙන් ඉල්ලා සිටි බව සහ ඔහුගේ ඉවත් වීම පිළිගත් බවයි. කැනඩා තානාපති ජෝන් මැකලම් විසින් සිදුකරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් ඊට හේතුවී තිබේ.

    ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, කැනඩාවේ දී අත්අඩංගුවට පත් හුවාවි ආයතනයේ චීන ජාතික විධායක නිලධාරිනිය සම්බන්ධයෙන්. හුවාවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා කැනඩාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. මේ හේතුවෙන් චීනය හා කැනඩාව අතර දැඩි අර්බුදකාරී තත්වයක් හටගත් අතර, ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ අමෙරිකාවේ ඉල්ලීම පරිදි වන නිසා අමෙරිකාව හා චීනය ද උණුසුම තවත් වර්ධනය වුණා.

    Latest News