ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළට

පෙබ 08, 2021

    ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේදී ග්ලැසියරය කඩා වැටීමත් සමඟම ගංවතුර තත්ත්වයක්ද හට ගැණුනු අතර සිද්ධියෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 170කට අධික බවයි පොලීසිය පවසන්නේ.

    ගංවතුර තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාරයක්ද සම්පූර්ණයෙන් විනාශයට පත් විය.

    අවට නිවාස රැසක් ද ජලයෙන් යටවූ අතර ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. අතුරුදන් වූවන් සොයා සිය ගණනක සහන කණ්ඩායම් මේ වන විටත් සෝදිසි මෙහෙයුම් වන නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සදුදා, 08 පෙබරවාරි 2021 11:22

    Latest News