අමෙරිකාවේ ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක්

පෙබ 08, 2021

    අමෙරිකාවේ කොරෝනා දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි. මේ වසරේ දෛනික අඩුම රෝගීන් සංඛ්‍යාව දැනට වාර්තා වී ඇත්තේ, ඊයේ දිනයි. 89,691 දෙනෙක් ‍එම පිරිසට අයත්.

    අමෙරිකාවෙන් ඉකුත් ජනවාරි මස 8 වැනි දින තුන් ලක්ෂයකට අධික කොරෝනා දෛනික ආසාදිතයන් සංඛයාවක් වාර්තා වී තිබිණ.

    එය මේ වසරේ හඳුනාගනු ලැබූ දෛනික වැඩිස ආසාදිතයන් සංඛ්‍යාවක්.

    නව ජනාධිපති ජෝ බයිඩන් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට පහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

    අමෙරිකාවේ කොරෝනා දෛනික මරණ සංඛ්‍යාව ද අඩු වෙමින් පවතින බව එම වාර්තාවල සඳහන්. එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 74,000 ඉක්මවා ගොස් තිබේ.

    Last modified on සදුදා, 08 පෙබරවාරි 2021 11:04

    Latest News