"උත්තරකාන්ද්" ප්‍රදේශයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගංවතුර තත්වයක්

පෙබ 07, 2021

    ඉන්දියාවේ හිමාල අඩවිය ආසන්න "උත්තරකාන්ද්" ප්‍රදේශයේ වේල්ලක් මතට ග්ලැසියරයක් කඩා වැටීමෙන් විශාල ගංවතුර තත්වයක් හටගෙන තිබේ.

    මේ වනවිට ඉන් පුද්ගලයින් 150කට අධික සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ග්ලැසියර් කඩා වැටීමෙන් ජල විදුලි බලාගාරයක් ද විනාශ වී තිබේ. ජලාශයේ ඉවුරු බිඳීයාමත් සමඟ "ආලකන්දා" සහ "ධූලීගංගා" යන ගංගාවන් හි ජලය පිටාර ගැනීමෙන් නිවාස රැසකට හානි සිදුවිය.

    ඉන්දු-ටිබෙට් දේශ සීමා පොලිස් බලකාය මෙන්ම, ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ජිවිතාරක්ෂක කණ්ඩායම් ද, අතුරුදන් පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    අතුරුදන් වී ඇත්තේ, ග්ලැසියර් ඛාදනයෙන් හානි සිදුවූ රිෂි ගංගා විදුලි ව්‍යාපෘතියේ සේවය කළ කම්කරුවන් පිරිසක්. ඊට අමතරව ඒ ආසන්නයේ මහාමාර්ග සහ දුම්රිය ව්‍යාපෘති සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව ද, ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබිණ.

    ජලාශයේ පහළ ප්‍රදේශවල සිටින දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද බලධාරීන් කටයුතු කරමින් සිටී.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 19:12

    Latest News