මියන්මාරයේ නායිකා අවුන් සාන් සූ කී හමුදා අත්අඩංගුවට

පෙබ 01, 2021

    අවුන් සාන් සූ කී සහ අනෙකුත් දේශපාලන නායකයන් අද(01) උදෑසන අත්අඩංගුවට ගැනීමෙන් පසු මියන්මාරයේ හමුදාව රටේ පාලනය අත්පත්කර ඇති බව තහවුරු කර තිබේ.

    හමුදා කුමන්ත්‍රණයක් ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වන මෙය සිදුව තිබෙන්නේ මතභේදාත්මක මැතිවරණයකින් පසු පත්වූ රජය සහ හමුදාව අතර මතභේද තවදුරටත් උත්සන්න වීමෙන් පසුව ය.

    අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු එරට හමුදාවේ මාධ්‍ය මගින් මගින් වසරක කාලයක් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවේ.

    පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේදී, සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන දිනා ගත්තේය. හමුදාව පවසන්නේ ඡන්දය වංචනික බවයි.

    ප්‍රධාන නගරවල ජංගම අන්තර්ජාල දත්ත සම්බන්ධතා සහ සමහර දුරකථන සේවාවන් බිඳවැටී ඇති අතර, රාජ්‍ය මාධ්‍ය වන එම්ආර්ටීවී ආයතනය පවසන්නේ ඔවුන්ට තාක්ෂණික ගැටළු රැසක් ඇති වී ඇති බවත් එම නිසා අක්‍රිය බවත් ය.

    මියන්මාර සේනාධිනායක ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග්

    220px-Senior_General_Min_Aung_Hlaing_2017_cropped.jpg

    Latest News