චීනයේ ඉදිරි සැලසුම් පිළිබඳ අදහස් විමසීමේ රැස්වීමක් චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

පෙබ 01, 2021

    රජයේ කාර්ය වාර්තාව, 14 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත සහ 2035 වසරේ දිගු කාලීන ඉලක්කයන් පිළිබඳ අදහස් විමසීමේ රැස්වීම පසුගියදා පැවැත්විණ.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු ද වන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා‍ එහි මුලසුන හෙබවීය.

    චීනයේ කොමියුනිස්ට් පක්ෂය නොවන සෙසු පක්ෂ, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලනය මෙන්ම නිර්පාක්ෂික පුද්ගලයන් ගේ අදහස්වලට එහිදී අවධානය යොමු කෙරිණ.

    එම කණ්ඩායම් වල අදහස් විමසීම රජයේ විද්‍යාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීමේ ක්‍රියාදාමයට ඉඩ සැලසෙන බව චීන අගමැතිවරයා එහිදී පැවසීය.

    විවිධ අභියෝගයන්ට හා විචල්‍යතාවන්ට මුහුණ දෙමින් චීනය සිය සාර්ව ප්‍රතිපත්තිය සුදුසු, ස්ථාවර හා දැරිය හැකි අන්දමින් පවත්වා ගනු ඇති බව හෙතෙම කීය.

    වෙළඳපොළ අවශ්‍යතා හා ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් ඉහළ නංවනු ඇතැයි ද චීන අග්‍රාමාත්‍යවරයා කියා සිටී.

    පරිසර දූෂණය පාලනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම රැස්වීමට එක්වූවෝ සිය අදහස් ඉදිරිපත් කළහ.

     

    වාර්තා කිරීම -

    මෝතිලාල් හිස්සැල්ල චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News