ලොව විශාලතම අයිස් පර්වතය කුඩා කොටස් කිහිපයකටම කැඩී යාමේ අවධානමක්

ජන 31, 2021

    දේශගුණික වෙනස්කම් වලින් වාර්තා වන දැවැන්තම සිදුවීම වන්නේ ඇන්ටාටිකාවේ සිට බිඳී ආ ලොව විශාලතම අයිස් පර්වතය වූ ඒ-28-ඒ අයිස් පර්වතය තවත් කුඩා කොටස් කිහිපයකටම කැඩී යාමයි.

     

    මේ වනවිට එම‍ කොටස් දකුණු ජෝර්ජියා ආසන්න ප්‍රදේශයට පාවෙමින් එන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

    මෙය අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ගොඩබිමක් ආකාරයෙන් දර්ශණය වේ.

    එම අයිස් පර්වතය ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 5800ක් තරම් අති විශාල අයිස් පර්වතයක් වන බවයි පැවසෙන්නේ. 

    මේ වසරේ නොවැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පැවැත්වේ.

    Latest News