දින 100ක් තුළ එන්නත් මාත්‍රා මිලියන 100ක් - ජෝ බයිඩන්

ජන 24, 2021

    අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉකුත් දිනවලට සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබේ. එහෙත්, දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 3,427ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ඊයේ පමණක් හඳුනාගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 72,000ක්. මේ අතර තමා බලයට පත්වී ප්‍රථම දින 100 ඇතුළත එන්නත් මාත්‍රා මිලියන 100ක් ජනතාවට ලබා දෙන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා ලබා දී තිබේ.

    ධවල මන්දිර ප්‍රධානීන් පවසන්නේ, අදාළ ඉලක්කය සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් එන්නත් සැපයීමක් පවතින බවට විශ්වාස කරන බවයි.

    Last modified on ඉරිදා, 24 ජනවාරි 2021 12:38

    Latest News