ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයේ නඩු විභාගය කල්යයි

ජන 24, 2021

    ඇමරිකා‌ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයට අදාළ නඩු විභාගය ලබන මාසය දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

    ඒ අනුව දෝෂාභියෝගයට අදාළ දෙවන නඩු විභාගය ලබන මස දක්වා කල් දැමීමටයි ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ නියෝජනය කරන සෙනෙට් සභිකයින් තීරණය කර ඇත්තේ.

    ඒ සදහා වන විවාදය පෙබරවාරි 8 වනදායින් පසුව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

    සෙනෙට් සභාවේ දෝෂාභියෝග නඩු විභාගය ඉතා සාධාරණව සිදුකරන බවට සෙනෙට් සභිකයින් ප්‍රකාශ කර තිබෙනවා.

    පසුගිය ජනවාරි 06 වනදා වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ල ආසන්නයේ සිදුවූ කලහකාරී සිද්ධියට අනුබල දීම හේතුවෙනුයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණේ.

    Latest News